සසිකලාට හිටපු මහ ඇමතිගේ විරෝධය

February 9, 2017

පසුගියදා මියගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජෙයලලිතා ජෙයරාම්ගේ පක්ෂයේ සභාපතිනිය ලෙස ඇගේ සමීපතම මිතුරිය වන සසිකලා නටරාජන් පත්කර ගනු ලැබූ අතර පසුව ඇයටම මහ ඇමැති පදවියද භාරදිය යුතු බවට පක්ෂය තුළින් මතයක් පළවිය. මේ අනුව ජෙයලලිතාගෙන් පසු මහ ඇමැති ධුරයෙහි දිවුරුම් දුන් ඕ. පනීර්සෙල්වන් ඉල්ලා අස්වූයේ පුද්ගලික හේතූන් මත ඉල්ලා අස්වන බව කියමිනි.
කෙසේවුවද පසුව ඔහු මේ සම්බන්ධයෙන් සසිකලා වෙත දැඩි විරෝධයක් එල්ලකරමින් පවසා ඇත්තේ ඇගේ හා ඇගේ පවු‍ලේ අයගේ වුවමනාව මත ‍පොළඹවනු ලැබූ පක්ෂයේ මැති, ඇමැති පිරිසක් ඉල්ලා අස්වන ලෙස තමාට බලපෑම් කළ බවය.
ජෙයලලිතාගේ සොහොන අසලදී ඔහු මේ සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් කළ අතර තමාට මහ ඇමැති පදවියෙහි වැඩ කිරීමට මෙම පිරිස දිගින් දිගටම බාධා කළ බවත් තමාගේම ඇමැතිවරුන් තමාට විරුද්ධව කටයුතු කළ බවත් ඔවුන් අගමැතිවරයා හමුවී සසිකලා පත්කරගන්නා ලෙස ඉල්ලා සිටි බවත් කියා සිටියේය.
මෙහිදී ඇතැම් මැති, ඇමැතිවරු පනීර්සෙල්වන්ගේ පැත්ත ගෙන ඇති අතර ජෙයලලිතාගේ මරණය අස්වාභාවික බවද මේ සම්බන්ධයෙන් සසිකලා සැකකරන බවද කියා තිබිණි. මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් සසිකලා කියන්නේ පනීර්සෙල්වන් තම විරුද්ධවාදී පක්ෂය වන කරුණානිධිගේ පක්ෂයේ වුවමනාවට මෙසේ කටයුතු කරන බවයි.

බි.බි.සී.

t

o

p