වැලිකඩ මනුෂ්‍ය ඝාතන සිද්ධියේ මියගිය රැදවියන්ට වන්දි

February 9, 2017

පසුගිය රජය සමයේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ බිහිසුණු මනුෂ්‍ය ඝාතන සිද්ධිය පිළිබඳ ‍පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් එම සිද්ධියේදී මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවැසීය.
බන්ධනාගාර සිද්ධිය සම්බන්ධව සොයාබැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව මියගිය රැඳවියන් සඳහා රුපියල් ලක්ෂ පහ බැගින්ද තුවාල ලැබූවන් සඳහා රුපියල් ලක්ෂයක් බැගින්ද වන්දි ලබාදීමට යෝජනා වී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ මෙම ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව හා නිර්දේශ අද (08) දින අගමැතිවරයා විසින් සභාගත කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් නගන ලද පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

t

o

p