ශශිකලා සිව් වසරක් සිරගෙට

February 14, 2017

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඇයට තමිල්නාඩු මහ ඇමතිනි ලෙස දිවුරුමී දීමට නොහැකි වන සේ හා වසර දහයකට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි වන සේ මෙම තීන්දුව ලබා දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු විසින් වෙන වෙනම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය බවට විනිසුරුවරුන් දෙදෙනාම තීන්දු කළහ.

t

o

p