තමිල්නාඩුවේ පාලක ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂයේ නව නායිකාව ලෙස වී.කේ. ශෂිකලා පත්වීම් ලැබ ඇත.
ඒ අනුව ඉදිරියේදී තමිල්නාඩු මහ අමාත්‍ය ධුරයද ඇයට හිමිවනු ඇති බව ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂ ආරංචිමාරග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
මෙතෙක් ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂයේ නායකත්වය දැරෑ තමිල්නාඩු මහ අමාත්‍ය පාහීර් සෙල්වම් මහතා අද (05) දින එම ධුරයෙන් ඉවත්ව ඇත.
පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් විසින් කැඳවන ලද විශේෂ රැස්වීමකදී මෙම තනතුරු වෙනස සිදුකර ඇත. පක්ෂයේ නායකත්වය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ශෂිකලා ප්‍රකාශ කර ඇත්තේ හිටපු නායිකා ජයලලිතා ජයරාම්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට තමා කටයුතු කරන බවයි. ඉදිරි සතිය තුළ ශෂිකලා තම නව ධුරයේ දිවුරුම් දීමට නියමිතය.