සිරුරේ ගස් වැවෙන දැරියක් බංගලාදේශයෙන් හමුවෙයි

February 2, 2017

තුරු මිනිස් රෝගය හෙවත් ට්‍රී මෑන් සින්ඩ්‍රම් රෝගයෙන් පෙළෙන දැරියක් බංග්ලාදේශයෙන් හමුවී ඇති අතර ස්ත්‍රී පාර්ශ්වයේ අයෙකුට මෙම රෝගය වැළඳුන පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. දස හැවිරිදි සහානා කාටුන්ගේ මුහුණෙහි ගසක කඳට සමාන කොටසක් වැවෙන්නට පටන්ගෙන මේ වනවිට මාස හතරක් ගතවී ඇති අතර මුලදී මෙය පවු‍ලේ අයගේ සැලකිල්ලට ලක්වී නැත.
නමුත් ක්‍රමයෙන් මෙය වැඩෙන්නට වීමත් සමග ඇගේ පියා ඩකා අගනුවර වෙත දියණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙනවිත් තිබේ.
වෛද්‍යවරුන්ගේ රෝග විනිශ්චය නිවැරදි වුවහොත් ‘ට්‍රී මෑන් සින්ඩ්‍රොම්’ සහිතව දැනට ලෝකයේ ජීවත්වන කිහිප දෙනා අතරට සානා ද එක්වනු ඇත.
ජාන දෝෂයක් මගින් උරුමවන මෙම රෝගයට ලක්වූ තැනැත්තාගේ සම මත බැලූබැල්මට ශාකයක් වර්ධනය වන්නාක් මෙන් පෙනෙන්නට තිබේ.

t

o

p