ප්‍රංශයේ හමුදා නිලධාරියාට පහර දුන් තරුණයාට වෙඩි

February 3, 2017

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් (Louvre) කෞතුකාගාරය අසලට ‘අල්ලාහු අක්බර්’ කියා කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට එහි ආරක්ෂාවට රඳවා සිටි සොල්දාදුවකු වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

ලූවර්, ලොව විශාලතම කෞතුකාගාරයවන අතර, එය පැරිස් නුවර පිහිටි ඓතිහාසික මධ්‍යස්ථානවලින් එකකි.

කෞතුකාගාරය අසල පිහිටි භූගත සාප්පු සංකීර්ණයකට ඇතුළුවීමට ප්‍රහාරකයා උත්සාහ කළ බව විශ්වාස කෙරේ. වෙඩිවැදීමෙන් ඔහුට බරපතල තුවාල සිදුවිය.

සූට්කේසයක් හෝ බෑගයක් ඔහු සතුව තිබුණු නමුත්, පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමු වී නැති බව වාර්තාවල දැක්වේ.

ප්‍රහාරකයා පිහියක් වනමින් දිව ආ අවස්ථාවේ සොල්දාදුවා ඔහුට වෙඩි ප්‍රහාර පහක් එල්ල කළ බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව ලූවර් කෞතුකාගාරයේ සිටි සියලුදෙනා එයින් ඉවත්කර තිබේ.

BBC

t

o

p