Special News

ඊශ්‍රායල ජාතිකයින් නිදහස් කරන තුරු ගාසා තීරයේ සැපයුම් නවතී

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (13) රැස්වේ. පසුගිය ඉරිදා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී සාමාජික රටවල නියෝජිතයින් ඊශ්‍රායලය හා පලස්තීනය සම්බන්ධයෙන් බෙදුනු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි. පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සියලුම දෙනාව නිදහස් කරන තුරු ගාසා තීරය වෙත සැපයුම් ලබා නොදෙන බව ඊශ්‍රායලය Read More

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන තිබේ. නසීර් අහමඩ් විසින් දැරූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා භාරයට ගත් බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

මත්පැන් වැරදිවලට අලුත් නීතියක්

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එම ක්‍රියාවලිය අහෝසි කර අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කර ඇතැයි වාර්තා වෙයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ Read More

දක්ෂිණ අධිවේගී මාර්ගය තවදුරටත් අවහිරයි

දක්ෂිණ අධිවේගී මාර්ගය පසුගියදා ඉමදුව හා පින්නදුව අතර 102 කිලෝමීටර් කනුව ආසන්නයෙන් නායයෑමකට ලක් විය. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අනෙකුත් විමර්ශන අංශ සිදුකරන පරික්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ Read More

හෙද සේවයට පුහුණුලාභීන් 2518ක්

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ 2018 වර්ෂයේ දී හෙද පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් 2,518ක් සඳහා පත්වීම් ලබාදීමට භාණ්ඩාගාරය එකඟත්වය පළ කළ බවයි. පුහුණුලාභීන් දහසක් සඳහා පළමුව පත්වීම් ලබාදීමට යෝජනා වී තිබුණේ රටේ පවතින මුල්‍ය අර්බුදය හේතුවෙන්. ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ හෙද සිසුවියන්ගේ සහ දෙමාපියන්ගේ ඉල්ලීම මත රජයේ Read More

ඊශ්‍රායලය තුළ හදිසි මධ්‍යම රජයක්

ඊශ්‍රායලය තුල හදිසි මධ්‍යම රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ටස් එකඟ වී තිබේ. අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සමන්විත යුද කැබිනෙට්ටුවක් ද පත් කිරීමට සැලසුම් කර තිබේ. මේ වන යුද ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම 2500කට වැඩි පිරිසක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලක්ෂ 3කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.

බෝට්ටුවලට නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ඇරඹෙයි

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක්දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේ දී ආරම්භ වී තිබේ. දිවයින පුරා ම මෙම ඉන්ධන දීමනාව හිමි ධීවරයන් සංඛ්‍යාව 28,000 පමණ වන බවයි වාර්තා වෙයි. එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට ද මේ යටතේ කටයුතු යොදා තිබේ. ඒ අනුව දෙවන අදියරයේ Read More

නවක වදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වලට නියෝගයක්

පසුගිය වසර තුනක කාල සීමාව තුළ රජයේ විශ්ව විද්‍යාලවල නවක වද සිද්ධීන් වැලැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාලවලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. තමන් නවක වදයට භාජනය වෙමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් ටයරයක් තම හිස වද්දා තුවාල සිදු කිරීමෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා Read More

ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද යේ වාර්ෂික හමුව – 2023

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව පසුගියදා කොළඹදී ආරම්භ වුණා. එහි සමාරම්භක උත්සවය පසුගියදා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.“ආසියාවේ පාර්ලිමේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුල සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය”යන්න තේමා කරගනිමින් මෙවර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද හමුව පැවැත්වේ. මෙම හමුවේ සමාරම්භක අවස්ථාව සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ශ්‍රී ලංකා Read More

ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම වැදගත් – නියෝජ්‍ය කථානායක

ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදි පැවසීය. ඒ මහතා මේබව සඳහන් කළේ 2023 ජාතික ඇගයීම් සතිය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබූ සැසිවාරය අමතමිනි. නියෝජ්‍ය කථානායකවරායගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ Read More

t

o

p