මත්පැන් වැරදිවලට අලුත් නීතියක්

October 13, 2023

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම ක්‍රියාවලිය අහෝසි කර අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කර ඇතැයි වාර්තා වෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.

කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදිවලට උපරිම දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම චේතනාන්විතව වැරදි කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමටද ඔහු උපදෙස් දී තිබේ.

t

o

p