දක්ෂිණ අධිවේගී මාර්ගය තවදුරටත් අවහිරයි

October 13, 2023

දක්ෂිණ අධිවේගී මාර්ගය පසුගියදා ඉමදුව හා පින්නදුව අතර 102 කිලෝමීටර් කනුව ආසන්නයෙන් නායයෑමකට ලක් විය.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අනෙකුත් විමර්ශන අංශ සිදුකරන පරික්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මාර්ග කොටසේ නාය යෑම් අවදානම තවදුරටත් සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.

t

o

p