නවක වදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වලට නියෝගයක්

October 12, 2023

පසුගිය වසර තුනක කාල සීමාව තුළ රජයේ විශ්ව විද්‍යාලවල නවක වද සිද්ධීන් වැලැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාලවලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

තමන් නවක වදයට භාජනය වෙමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් ටයරයක් තම හිස වද්දා තුවාල සිදු කිරීමෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුවෙකු වන පසිඳු හර්ෂණ සිල්වා විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

t

o

p