බෝට්ටුවලට නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ඇරඹෙයි

October 12, 2023

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක්දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේ දී ආරම්භ වී තිබේ.

දිවයින පුරා ම මෙම ඉන්ධන දීමනාව හිමි ධීවරයන් සංඛ්‍යාව 28,000 පමණ වන බවයි වාර්තා වෙයි.

එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 ක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට ද මේ යටතේ කටයුතු යොදා තිබේ.

ඒ අනුව දෙවන අදියරයේ දී දිවයින පුරා ම භූමිතෙල් ලීටර් 425,000ක් ලබා දීමට නියමිතයි.

දෙවන අදියරේ දී කළුතර දිස්ත්‍රික්කයේ යාත්‍රා හිමියන් 450ට අධික සංඛ්‍යාවකට මෙම දීමනාව හිමි වනු ඇති.

t

o

p