ඊශ්‍රායල ජාතිකයින් නිදහස් කරන තුරු ගාසා තීරයේ සැපයුම් නවතී

October 13, 2023

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (13) රැස්වේ.

පසුගිය ඉරිදා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී සාමාජික රටවල නියෝජිතයින් ඊශ්‍රායලය හා පලස්තීනය සම්බන්ධයෙන් බෙදුනු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි.

පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සියලුම දෙනාව නිදහස් කරන තුරු ගාසා තීරය වෙත සැපයුම් ලබා නොදෙන බව ඊශ්‍රායලය පවසයි.

“කිසිදු විදුලි ස්විචයක් ක්‍රියත්මක වෙන්නේ නෑ, කිසිදු ජාල සැපයුමක් වෙන්නේ නෑ, කිසිදු ඉන්ධන බවුසරයක් ඇතුළු කරන්න නෑ…”

එසේ පවසන්නේ ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා ය.

හමාස් සටන්කාමීන් විසින් මේ වනවිට ගාසා තීරයේ පැහැරගත් 150 දෙනෙක් පමණ ප්‍රාණඇපයට තබාගෙන සිටිති.

t

o

p