ඊශ්‍රායලයේ ලාංකිකයන්ට දැනුම්දීමක්

October 13, 2023

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයට සහ සිරියාවට ආසන්නව ඇති නගරවලට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කරන ලෙසයි.

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙබනනය සහ සිරියාවට ආසන්නයේ ඇති නහරියා, අකෝ, හයිෆා, තිබෙරියා, නසරිත් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවයි.

අදාළ ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් හට ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ ලබාදී ඇති ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළඟ තබාගන්නා ලෙසයි.

ඊශ්‍රායල රජය විසින් පැය 24ක කාලයක් ගාසා තීරයේ උතුරු ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දකුණු ප්‍රදේශ වෙත ඉවත්වීම සඳහා ලබා දී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p