Special News

මාසයක් ඇතුළත එ.ජා.ප යට සාමාජිකයන් ලක්ෂ 08 ක්

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් තිස් ලක්ෂයක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මාසයක් තුළ සාමාජික සාමාජිකාවන් ලක්ෂ 08 ක් බඳවා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පක්ෂ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් සාමාජික සාමාජිකාවන් ලක්ෂ 30 ක් බඳවා ගැනිම සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවය. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකක (2/3) සංඛ්‍යාවක් එක්සත් Read More

ගේට්ටුකරුවන්ගේ වර්ජනයේ – දුම්රියේ හැපී එකම පවුලේ 03ක් මරුට

කුරුණෑගල, හිරියාල සහ ගනේවත්ත දුම්රිය ස්ථාන අතර අතුරු මාර්ගයක සිදු වූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව සහ දරු දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදීයි. අද පෙරවරු 11යි 40ට පමණ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ සීඝ‍්‍රගාමී දුම්රියේ හැපී ඔවුන් මියගිය බවයි පාලක මැදිරිය සඳහන් කළේ. Read More

ඔලිම්පික් යන එංගලන්ත කාන්තා රගර් කණ්ඩායම නිරුවත්වෙයි

මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන එංගලන්තයේ කාන්තා රගර් කණ්ඩායම සඟරාවක් වෙනුවෙන් නිරුවත් වී තිබෙනවා. මෙලෙස ඔවුන් නිරුවත් ඡායාරූප ඉදිරිපත් කර ඇත්තේ Women’s Health නම් වූ සඟරාව වෙනුවෙන්. මෙලෙස නිරුවත් ඡායාරූප පලකිරීම තුලින් ඔවුන් පවසන්නේ කාන්තාවකගේ ශරීරය කුමන තත්වයක පැවතියත් සෞඛ්‍ය සම්පන්නයි නම් එම සිරුර අලංකාර බවයි. එංගලන්ත රගර් ක්‍රීඩිකාවන් වන Claire Allan, Danielle Waterman, Michaela Read More

සැප සම්පත් එපා කියා හිස මුඩුගෑ යුවතිය

බුදු රජාණන්වහන්සේ , ගිහි ගෙය අතැර මහණ වූවනට හිස මුඩු කරන ලෙස දෙසා වදාළේ කාරණා කිහිපයක් නිසාය. හිස කෙස් ඇතිවිට එය සේදිය යුතුය, සුවඳ ගැල්විය යුතුය, උකුණන් ආදීන්ගෙන් රැක ගත යුතුය. හිස කෙස් හැලෙන විට හෝ සුදු වනවිට දුක් විය යුතුය. හිස කෙස් නැතිවිට මේ කිසිදු හිරිහැරයක් දුකක් නැතිනිසා උන්වහන්සේ මහණුන්ට මේ ලෙස හිස මුඩු Read More

බොරැලැස්ගමුවේ වෙඩිතැබීමක්

බොරලැස්ගමුව, කටුවාවල පන්සල අසළදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අදාළ පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු බව සඳහන්ය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට බයයි – රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩා ඉහිරුවමින්, තවත් වසර ගණනක් රට පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට දොල පිදේනි දේවි යැයි තමන් මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ බියෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවේදි පැවසීය. ඒකාබද්ධ පාගමනේ හැසිරීම හා පැමිණීම යන දෙකම අසාර්ථක බවත්, මහින්ද රාපක්ෂ මහතාට Read More

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම බ්‍රසීලය බලා පිටත්ව යයි

බ්‍රසීලයේ රියෝද ජැනැයිරෝහිදී පැවැත් වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි. 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලබන්නේ මැරතන් ඉසව්වෙන් තුන් වැනි වරට ඔලිම්පික් වරම් දිනාගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසිනි.

නැදුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක්

දළඳා පෙරහරට සහභාගී වීම සඳහා නුවරට යන නඳුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා උපදෙස් දී ඇත.  මේ පිළිබඳව ඇමැතිවරයා පොලිස්පතිවරයාට හා හමුදාපතිවරයාට පෞද්ගලිකව දැනුම් දී ඇති අතර ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා පශු වෛද්‍ය කණ්ඩායමක් මහනුවරට යවන ලෙස ද උපදෙස් දී ඇත.

t

o

p