Special News

2020දී එජාප රජයක්

එක්සත් ජාතික පක්ෂයත් 2020දී තනි රජයක් පිහිටුවීමේ ස්ථාවරයක සිටින බව පක්ෂයේ මන්ත්‍රී පිරිසක් කළ විමසීමකදී එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශය පිළිබඳව එජාප මන්ත්‍රී පිරිසක් කළ විමසීමකදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. සම්මුතිවාදී රජය 2020 දක්වා අඛණ්ඩව Read More

ජනපති හෙට අමෙරිකා යයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට(18) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක,  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ, පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්වරු ඇතුළු මැති ඇමතුවරුන් පිරිසක් මෙම සංචාරයට Read More

වත්තල ගින්නක්

වත්තල, හුණුපිටිය, දික්පිටිගොඩ, සීවලී මාවත ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද(18) අළුයම 3.00 පමණ ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අයත් රථ කීපයක් යොදවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුවන අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බවද පොලීසිය Read More

බිස්වාල්-ඩයස්පෝරාව අතර හමුවිමක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ. මෙරට තුළ සිදුවන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි ද සහභාගී වී තිබේ. එමෙන්ම දෙමළ Read More

වෙනිසියුලාවේ කන්න බොන්න හිඟයි

තෙල් අපනනයන කරන ප්‍රධාන රටවල් අතරට එක්වෙන වෙනිසියුලාවේ පවතින ආර්ථික අර්බූදය දිනෙන් දින වර්ධනය වනු දක්නට ලැබෙන අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ජනතාව පෝලිම් වල පැය ගණන් ගත කරන අයුරු දක්නට ලැබේ. විදෙස් වාර්තාකරුවකු සඳහන් කළේ කරකාස් අගනුවර එම භාණ්ඩ වල මිළ දිනෙන් දිනම ඉහළින් ඉහළට යන බවයි. සුඛෝපභෝගී සාප්පු වල මිළ යුරෝපයේ Read More

වාහන ලියාපදිංචිය 50% කින් පහළට

2016 වසරේ පළමු මාස 08 තුළ දී මෙරට ලියාපදිංචි කර තිබෙන වාහන ප්‍රමාණය 50% කින් පහළ බැස තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2016 වසරේ පළමු මාස 08 තුළ දී මෝටර් රථ 313,465 ක් ලියාපදිංචි කර තිබෙන අතර 2015 වසරේ මුල් මාස 08 තුළ වාර්තා වී තිබෙන මෙම අගය 668,907 Read More

ප්‍රධාන ඇමතිගේ ළි‍‍ඳෙන් උණ්ඩ මතුවෙලා

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ ළිඳක තිබී උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. අනුරාධපුර පොලීසිය පැවසුවේ මහ ඇමතිවරයාගේ අනුරාධපුර නිල නිවාස පරිශ්‍රයේ ළිඳක මෙම උණ්ඩ තිබූ බවයි. පැරණි උණ්ඩ තොගයක් එහි තිබී සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය. සේවකයින් විසින් ළිඳ පිරිසිදු කිරීමේදී මෙම උණ්ඩ සොයාගෙන තිබේ. ටී 56 වර්ගයේ උණ්ඩ 259ක්, ඒ.කේ 47 ස්වැංක්‍රිය ගිනි අවි Read More

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ කතා බහ නැවත වතාවක් ආරම්භ වී ඇති බව පෙනේ. දිගු කලක සිට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබිය යුතු බවට විවිධ ඉල්ලීම්, යෝජනා ඉදිරිපත් වූ අතර ප්‍රායෝගික ගැටලූ මෙන්ම විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් මෙම යෝජනාව ක්‍රියාවට නැංවූයේ නැත.

බඳගිරියේ තරුණයා 21 දක්වා රිමාන්ඩ්

හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කලැයි සැකපිට  ජී ජී ගයාශාන් (22) තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ලබන (21)වැනිදා තෙක් අද (16) අලුයම 2:30 නිල නිවසේ්දී රිමාන්ඩ් කරනු ලැබීය.

t

o

p