වෙනිසියුලාවේ කන්න බොන්න හිඟයි

September 17, 2016

තෙල් අපනනයන කරන ප්‍රධාන රටවල් අතරට එක්වෙන වෙනිසියුලාවේ පවතින ආර්ථික අර්බූදය දිනෙන් දින වර්ධනය වනු දක්නට ලැබෙන අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ජනතාව පෝලිම් වල පැය ගණන් ගත කරන අයුරු දක්නට ලැබේ.

විදෙස් වාර්තාකරුවකු සඳහන් කළේ කරකාස් අගනුවර එම භාණ්ඩ වල මිළ දිනෙන් දිනම ඉහළින් ඉහළට යන බවයි. සුඛෝපභෝගී සාප්පු වල මිළ යුරෝපයේ හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිළ ගණන් මෙන් දෙතුන් ගුණයකින් ඉහළ බව වාර්තා වේ.

උදාහරණයක් ලෙස එංගලන්ත සුපිරි වෙළෙඳ සැල් වල පවුම් 3.50 කට අළෙවි කෙරෙන ඉතාලියානු චොකලට් තැවරුම් ග්‍රෑම් 750 බෝතලයක් වෙනිසියුලාවේ දී අළෙවි වන්නේ පවුම් 11කටය. එසේම ඉහළ මිළට හෝ මිල දී ගැනීමට පාරිභෝගික භාණ්ඩ නොමැති වීම නිසා ‍වැඩි වශයෙන් අපහසුතාවට ලක් වී සිටින්නේ මධ්‍යම පාන්තිකයන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p