බිස්වාල්-ඩයස්පෝරාව අතර හමුවිමක්

September 18, 2016

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ.

මෙරට තුළ සිදුවන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි ද සහභාගී වී තිබේ.

එමෙන්ම දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් එස්.ජේ ඉමැනුවෙල්  පියතුමා සහ සුරේන්දිරන් එක්ව ඇති බව වාර්තා වෙයි.

මෙම සාතච්ඡා ඉතා සාර්ථකව සිදු වූ බව නීෂා බිස්වාල් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p