ජනපති හෙට අමෙරිකා යයි

September 18, 2016

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට(18) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක,  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ, පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්වරු ඇතුළු මැති ඇමතුවරුන් පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අනිද්දා ආරම්භ වන අතර එය ලබන 26 වනදා දක්වා පැවැත්වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා ලබන 21 වනදා සමුළුව ඇමතීමට නියමිතය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මෙය බව සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p