ආනයනික සීනි බද්ද රුපියල් 1.75කින් ඉහළට

September 16, 2016

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 1.75කින්  ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා මෙතෙක් පනවා තිබූ ශත විසිපහක බද්ද මේ අනුව රුපියල් 2/=  දක්වා ඉහළ දැමෙනු ඇත.

මේ අතර ආනයනික දුඹුරු සීනි සඳහා ද, රුපියල් 15/= ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් දුඹුරු සීනි සඳහා මෙසේ රුපියල් 15/= ක, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.      මෙමඟින් දේශීය උක් වගා කරන ගොවීන්ට සහනයක් සැලසීම රජයේ අපේක්ෂාව බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ආනයනික සීනි සඳහා වන බදු ඉහළ දැමීමෙන්, සීනි අලෙවිය සඳහා නියම කර ඇති,  කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 95/= ක් වන උපරිම සිල්ලර මිලට කිසිදු බලපෑමක් නොමැත. ජීවන වියදම් සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුකාරක  කමිටු නිර්දේශ මත සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 16ක් සඳහා වන උපරිම සිල්ලර මිලක් පසුගිය දා නියම කෙරිණ.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p