Special News

රජයේ ප්‍රතිපත්ති සකසන්නේ කෝප් කමිටුවට ඕන විදියට නොවෙයි – සභානායක

රජයේ ප්‍රතිපත්ති සකස් කරන්නේ ආණ්ඩුව මිස කෝප් කමිටුව නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. විදුලි බල මණ්ඩලය යටතේ ඇති ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් සමාගමේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ විවාදයකදී සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයේදි සුනිල් හදුන්නෙත්ති මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු Read More

ජයම්පතිට එල්ලවූ තර්ජනය ගැන පොලිස්පති හරහා පරික්ෂණයක් – නියෝජ්‍ය කතානායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කළමනාකරණ කමිටුවේ සම සභාපති ජයම්පති වික්‍රමරත්න මහතාට දුරකතනයෙන් තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති මගින් විධිමත් පරික්ෂණයක් කිරිමට නියෝග කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මතු කළ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය තිරණය දැනුම් දෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ Read More

ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලින් ඉවත්වන්නැයි ජයම්පතිට තර්ජන

ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලින් ඉවත් වන ලෙස කියමින් දුරකතනයෙන් තමාට මරණිය තර්ජන එල්ල කළ බව ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ කළමනාකරණ කමිටුවේ සම සභාපති, එ.ජා.ප මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ අවසරය මත වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය. කිසියම් තැනැත්තෙකු තමාට ඊයේ (දෙසැම්බර් 06 දා) දුරකතන ඇමතුමක් Read More

ලකුණු 1 කින් ජය ශ්‍රී ලංකාවට

කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිම්බාබ්වේ බුලවායෝ පිටියේ පැවැති තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ඒ අනුව තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථානය වෙන් කර ගැනිමටත් ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවිය. ශ්‍රී ලංකා කණඩායමෙන් එල්ල වූ ලකුණු 330ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 329ක් පමණි.

අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි තුන්වන හෙළිදරව්ව රුපියල් සිය කෝටියක මහපොළ අරමුදල් අවභාවිත කළැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහපොළ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල හා පාසල් සංවර්ධන අරමුදල ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය කළැයි මලික් Read More

සැප්තැම්බර් 1 ජාතික රක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරයි

ජාතික රක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සෑම වර්ෂයකම සැප්තැම්බර් මස පළමු වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ( Afghanistan ) කාබුල් නුවර ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බකීර් උල් ඔලූම් නමැති මෙම දේවස්ථානයට පා ගමනින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු සිදුකළ පිපිරීමෙන් තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රධාන රථවාහන වැරදි 7ට දඩය රු 25000යි

රථ වාහන වැරදි 7ක් සඳහා අවම දඩ මුදල රුපියල් 25,000 ක් දක්වා ඉහළ දැමිය යුතු බවට ඊයේ (21) ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරු, පොලීසිය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෝ ද සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව කියැවෙයි. අදාළ සාකච්ඡාවේ දී Read More

සිරකරුවෝද මනුෂ්‍යයෝය

වැලිකඩ සිර ගෙදරට ඇතුල්වන මාර්ගය ඉදිරිපිට තිබෙන තාප්පයේ ලොකු අකුරින් ලියා ඇත්තේ සෙිරකරුවෝ මනුෂ්‍යයෝය යන්නයි. එය පැහැදිලිය. නීතිය උල්ලංඝනය කරමින් වැරැද්දක් සිදුකළ විට රටේ නිතියට අනුව ඔවුන් සිරගත කළද මනුෂ්‍යයෝ ලෙස සමාජ පිළිගැනිමකට ඔවුන් ලක් කළ යුතුය.

බුදු දහම රකින්න රජය බැඳී සිටිනවා – අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ

1815 උඩරට ගිවිසුම අනුව බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම හා එය ආරක්ෂා කිරිම උඩරට ගිවිසුමේ කොන්දේසියක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජාත්‍යන්තර වෙසක් දින උත්සවය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ ඊයේ (20) මහනුවරදි පැවැසිය. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේද කිසිදු වෙනස්කමකින් තොරව එම වගන්තිය සඳහන් ව ඇති බවත් රජය විසින් එය පැහැදිලිව කියා Read More

t

o

p