සිරකරුවෝද මනුෂ්‍යයෝය

November 21, 2016

වැලිකඩ සිර ගෙදරට ඇතුල්වන මාර්ගය ඉදිරිපිට තිබෙන තාප්පයේ ලොකු අකුරින් ලියා ඇත්තේ සෙිරකරුවෝ මනුෂ්‍යයෝය යන්නයි. එය පැහැදිලිය. නීතිය උල්ලංඝනය කරමින් වැරැද්දක් සිදුකළ විට රටේ නිතියට අනුව ඔවුන් සිරගත කළද මනුෂ්‍යයෝ ලෙස සමාජ පිළිගැනිමකට ඔවුන් ලක් කළ යුතුය.

අද වන විට ශ්‍රී ලංකාවේ සිරගෙවල් පිරි ඉතිරි ඇත්තේ ඔවුන් සියලූ දෙනාම වැරදි කළ නිසා නොවේ. සමහර විට සමාජ අසාධාරණකම් නිසාය. සමහරවිට නීතියේම ඇති හිඩැස් හා අඩුපාඩු නිසාය. සමහරවිට නැති බැරිකම් නිසාය.

සමහරවිට වැරදි මාර්ගවල ගිය නිසාය. ඒ කුමන හේතුවක් මත සිරකරුවෙක් ලෙස දඩුවම් ලැබූවද ඔවුන්ට තිබෙන මානව අයිතියක් තිබිය යුතුය.

ලංකාවේ ප්‍රධාන සිරගෙවල් හා රිමාන්ඩ් බන්ධනාගාර බොහෝමයක් තිබේ. ඒවායේ රඳවා සිටින සියල්ලන්ම වැරදිකරුවන් නොවේ. සමහරුන් වැරදිවලට අධිකරණය මගින් දඩුවම් නියම වූවන්ය. සමහරුන් සැකකරුවන්ය. තවත් සමහරුන් දිර්ඝකාලීන ලෙස රඳවා තබාගනිමින් මානසික පීඩනයට ලක්කරවන්නන්ය.

මේ පිළිබඳව සාධාරණ හෝ යුක්ති සහගත පරිසරයක් හෝ වටපිටාවක් නැති බව පැහැදිලිය. බොහෝ රැදවියන් සිරගෙවල්වල රඳවා ඇත්තේ සුළු වැරදි ගනයට අයත් දඩුවම්වලටය. ඔවුන්ට නියම කළ දඩ මුදල් ගෙවිමට නොහැකි විම නිසා දඩුවම් විදින බහුතරයක් සිටි.

සෑම සිරගෙදරකම පාහේ වෙනම ලෝකයක් තිබෙන බව සත්‍යයකි. රැදවියන්ගේ හයිය සහ බලපෑම් එයට ඉවහල්ය. එහෙත් අසරණභාවයට පත්ව සිටින බහුතරයක් සිටි. අඩුම වශයෙන් නිවසට පණිවුඩයක් හෝ ලබාදිමට ක්‍රමයක් නොමැතිව අසරණව සිටින බොහෝ දෙනෙකු සිටියි.

වර්ථමානයේ සිරගෙවල්වල මරණ දඩුවම ලැබි දඩුවම් ක්‍රියාත්මක නොවන රැදවියන් පිළිබඳව කිසිදු වැඩපිළිවෙලක් නොමැතිවිම බරපතල ගැටලූවකි. අඩුම වශයෙන් එම අයට මරණ දඩුවම නියමකර ක්‍රියාත්මක නොවන නිසා එම දඩුවම වසර 2 ට සිරදඩුවමට පරිවර්ථනය කරන්නේ නම් ඔවුන්ටද යම් සාධාරණයක් වන බව පැහැදිලිය.

මෙවැනි දස දහසකට ආසන්න ප්‍රමාණයක් සිටින බව වාර්තාවේ. සමහරුන් අභියාචනයන් හෝ ඉදිරිපත් කර ගැනිමට නොහැකි අයයි. එම අය වෙනුවෙන් නිති සහන සේවාවක් හෝ ක්‍රියාත්මක වන්නේ නම් එය මනුෂ්‍යත්වයට සැලකීමකි.
බොහෝ සිරගෙවල්වල විවිධ දඩුවම්වලට යටත් වූ වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් සිටියි. වැලිකඩ බන්ධනාගාරයේ වැඩිහිටි අය වෙනුවෙන් වෙනම ශාලාවක් හෙවත් වාට්ටුවක් වෙන්කර තිබේ. එය හදුන්වන්නේ චමින්ද වාට්ටුව කියාය. බොහෝ අය විවිධ ලෙඩ රෝගවලට ගොදුරුව අසරණ තත්ත්වයක සිටියි. අංශභාග රෝගයෙන් පෙලෙන අය ද ඒ අතරය.

සමහර අය වයස අවුරුදු 75 ඉක්මවා ඇත. ඔවුන්ට සිරගෙදරින් එළියට ගොස් අපරාධයකට නැවත සම්බන්ධවිමට හයි හත්තිය නොමැත. එහෙත් සිරගෙදර නිතියට අනුව ඔවුන් සිරකරුවන් ලෙස රඳවාගත යුතුවේ. එම අය සමාජගත කිරිම අනිවාර්්‍යයෙන්ම කළ හැක්කකි.

අප රටේ ඉතිහාසයේ සිරගෙවල්වල රැදවියන්ට ජනාධිපති සමාව දෙන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වී තිබේ. ඒ සඳහා වාර්තමානයේද හැකියාව ඇතත් ඉතා සිරුවෙන් සොයා බලා සහන ලැබිය යුත්තන්ට සහන ලබාදීමට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සැක සහිතය.

සිරගෙදර රැදවියන් බොහෝමයක් මත්ද්‍රව්‍ය හා ඒ සමාන වැරදිවලට දඩුවම් ලබන්නන් බව පෙනේ. මත් කුඩු පානය කරන්නන් බොහෝමයක් සිරගත කිරිම අද බහුලව සිදුවේ. ඔවුන් පුනරුත්ථාපනය කිරිමට හෝ සාධාරණ සමාජගත කිරිමට නිසි පියවරක් නොමැත්තේය. එය බරපතලම අඩුපාඩුවකි.

සිරගෙදර පහසුකම් හා වටාපිටා පරිසරය පිළිබඳව නොයෙක් වැරදි කරණු සමාජයේ තිබේ. එහෙත් ලෝකයේ බොහෝ රටවල සිරකරුවන්ට තිබෙන මුලික පහසුකම් අපගේ සිරගෙවල්වල නොමැත. ඔවුනට ආහාර පාන සපයන බව සත්‍යය. එහෙත් එය පමණක් සැලකිම ප්‍රමාණවත් නොවේ.

රඳවා ඇති ආකාරය හා එහි පහසුකම් හා ඉඩකඩ අදට නොගැලපේ. මෙම සිරගෙවල් බොහෝමයක් ඉදිකර ඇත්තේ ඉංග්‍රිසි පාලන කාලය තුලදීය. නිතිරිති හදුන්වා දී ඇත්තේද ඒ සමයේය. ඒවායේ වෙනස්කම් ඇති වී ඇත්තේ සුළු වශයෙන්ය. රැදවියන්ට සලකන ආකාරය හා ඔවුන් නැවත සමජගත කිරිමට දරණ ප්‍රයත්නය වෙනස් විය යුතුය.

එවිට බොහෝ ආකල්ප වෙනස් වනු ඇත. සිරකරුවනට මණුෂ්‍යයන් ලෙස සැලකීම සිරගෙදරින්ම ඇරඹිය යුතුය.

තිස්ස අත්තනායක

t

o

p