Special News

අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සමාලෝචනයට මුදල් අමාත්‍යාංශය යටතේ මධ්‍යගත ඒකකයක්…

අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා මධ්‍යගත ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කිරීම වඩාත් ප්‍රායෝගික වන බවයි. 2017 අයවැය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා අද (14) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. 2017 Read More

දේශීය කලාවට අත හිත දීම

පසුගිය සතියේ 45 වසරක රංගාවතරණයේ යෙදුනු සමදරා ආරියවංශ මහත්මියගේ “රඟමඩලේ සමදරාවෝ” උපහාර උළෙලක් මරදාන ටවර් රඟහලේදී පැවැත්විනි. සමදරා ආරියවංශ මහත්මිය වසර 45 ට අධික කාලයක් රංගනයේ යෙදුනු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණියකි. මේ වන විටත් ඇය ප්‍රසිද්ධ නාට්‍යයන් 200 ට අධික ප්‍රමාණයක සිය රංගනයෙන් දායක වී ඇති අතර සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ආදියෙහි කීර්තිමත් රංගධරයෙකි. සයිමන් Read More

අයවැය තුනෙන් දෙකකින් සම්මත වීම ජනතාවාදී එකක් බවට සහතිකයක්…

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ජයග්‍රහණයක් ලැබීම, රට ඉදිරියට ගෙන යන ජනතාවාදී අයවැයක්, රටට ඉදිරිපත් කළ බවට ශක්තිමත් සහතිකයක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

තුර්කියේ බෝම්බ පිපිරීම් දෙකක්

තුර්කියේ, ඉස්තාම්බුල් නුවර පාපන්දු ක්‍රීඩාංගණයක් අසල සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත 166 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මෙම පිපිරීම් දෙක කාර් බෝම්බයක් හා පොලීසිය ඉලක්ක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි. ප්‍රහාරයෙන් පසුව වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි. බේසික්ටාස් ක්‍රීඩාගංණයෙන් Read More

විරුවන් 18 ක් දේශද්‍රෝහි ලේඛනයෙන් ඉවතට

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරමින් දඬුවම් කරන ලද 19 දෙනකු වසර 198කට පසු සියලු චෝදනාවලින් නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඔවුන් වීරවරයන් ලෙස ඊයේ (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

වැට් නිදහස ලැබු සෞඛ්‍ය සේවා ගැසට් කරයි

සෞඛ්‍ය සේවයට අදාළ ගාස්තු හතරක් හැර අනෙක් වියදම් එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්දෙන් නිදහස් කිරිමේ අති විශේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඊයේ (08) ඉදරිපත් කළේය.

බදු ආදායම ඉහළ නංවා බදු බර අඩු කිරීම රජයේ අපේක්ෂාවයි…

බදු ගෙවීම පැහැර හරින පිරිස නිසි ක්‍රමවේදයක් යටතේ හඳුනා ගෙන බදු ක්‍රියාවලියට ඇතුළත් කර ගන්නවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. ඒ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලිමකට එක් වෙමිනි.

බුද්ධි අංශය දේශපාලනිකරණයෙන් තොරවිමට පිට අයෙක් ප්‍රධානියා කළ යුතුයි – අගමැති

දේශපාලනී කරණයෙන් තොරව බුදධි අංශයට කටයුතු කළ හැකි වන්නේ බුද්ධි අංශයෙන් පිට අයෙක් එහි ප්‍රධානියා ලෙස පත් කිරිමෙන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.

දේශපාලන බලයට නව ව්‍යවස්ථාව ගැන වැරදි මත පතුරන්න එපා – ජනාධිපති

දේශපාලන බලය යළි ලබා ගැනිමේ අරමුණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වැරදි මත පැතිරවීමෙන් ජනතාවට අනාගතයේදි යළි දුක්වීමට සිදුවන්නේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.

t

o

p