විරුවන් 18 ක් දේශද්‍රෝහි ලේඛනයෙන් ඉවතට

December 8, 2016

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරමින් දඬුවම් කරන ලද 19 දෙනකු වසර 198කට පසු සියලු චෝදනාවලින් නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඔවුන් වීරවරයන් ලෙස ඊයේ (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කැප්පෙටිපොල දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහා බෙත්මේ රටේ රාල, කතරගම කුඩා බෙත්මේ රටේරාල, පලංගොල්ලේ මොහොට්ටාලේ, වත්තෙකාලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරේවත්තේ විදානේ, කිවුලේගෙදර මොහොට්ටාලේ, කළුගමුවේ මොහොට්ටාලේ, උඩුමාදුර මොහොට්ටාලේ, කොහුකුඹුරේ වලව්වේ රටේ රාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල,   බූටෑවේ රටේ රාල, භගිනිගහවෙල රටේ රාල, මහ බදුල්ලේ ගම්මානේ රටේ රාල, බුළුපිටියේ මොහොට්ටාල, පල්ලේ මල්හේයායේ ගමතිරාලේ යන පිරිස රණ ශූරයන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශයට පත් කළේය.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබා දීම හේතුවෙන් එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1818 ජනවාරි 18 වැනි දා විශේෂ ප්‍රකාශනයක් මගින් ඔවුන් සියලු දෙනා දේශද්‍රෝහීන් ලෙස නම් කළේය.

 

t

o

p