දිවි නැගුම පනත සමෘද්ධිය කිරිමේ පනත පාර්ලිමේන්තුවට

December 8, 2016

දිවි නැගුම පනත සමෘද්ධි පනත ලෙස වෙනස් කිරිමට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ (08) ඉදිරිපත් කළේය
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාළ සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා ලදි.
නව සංශෝධනය අනුව  දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යනුවෙන් සංශෝධනය කෙරෙනු ඇත
ඊට අමතරව දිවි නැගුම ජාතික සභාව සමෘද්ධි ජාතික සභාව යනුවෙන්ද දිවි නැගුම ප්‍රජාමූල සංවිධාන, සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන යනුවෙන්ද දිවි නැගුම ප්‍රාදේශිය සංවිධාන සමෘද්ධි ප්‍රදේශිය සංවිධාන යනුවෙන්ද නව සංශෝධනයට අනුව වෙනස් වේ.
දිවි නැගුම දිස්ත්‍රික් කමිටු සමෘද්ධි දිස්ත්‍රික් කමිටු ලෙසද, දිවි නැගුම ජාතික සම්මේලනය සමෘද්ධි ජාතික සම්මේලනය යනුවෙන්ද, දිවි නැගුම ප්‍රජාමූල බැංකු සමෘද්ධි ප්‍රජාමූල බැංකු ලෙසද, දිවි නැගුම ප්‍රජාමූල සමිති දිවි නැගුම ප්‍රජාමූල සමිති යනුවෙන්ද සංශෝධනයවේ.
මේ අතර දිවිනැගුම සංවර්ධන අරමුදල සමෘද්ධි සංවර්ධන අරමුදල යනුවෙන්ද, දිවි නැගුම සක්‍රිය අරමුදල සමෘද්ධි සක්‍රිය අරමුදල යනුවෙන්ද දිවිනැගුම සක්‍රිය අරමුදල යනුවෙන්ද දිවි නැගුම ප්‍රතිලාභියා සමෘද්ධි ප්‍රතිලාභියා යනුවෙන්ද සංශෝධනයවේ.

t

o

p