Special News

ඕස්ට්‍රේලියාව පැමිණෙන අගමැතිට විරෝධය පළ කිරීමේ සූදානමක්

නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසට විරෝධය පළ කිරිම සඳහා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විමට දෙමළ හා සිංහල සංවිධානයක් විසින් කටයුතු යොදා ඇති බවට එරට ආරංචි මාර්ග සඳහන් කරයි. දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් වත්මන් ආණ්ඩුව ඉටු නොකරන බව පවසමින් එල්.ටි.ටි.ඊ දෙමළ ඩයස්පෝරාවට හිතවත් කණ්ඩායමක් විසින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වද්දි සිංහල සංවිධානයක් Read More

නවසීලන්තයේ වෙරළකට තල්මසුන් 400ක් ගොඩගහයි

නවසීලන්තයේ දකුණු දූපතේ ‘ෆෙයාර්වෙල් ස්පිට්’ නම් වෙරළට පසුගිය 10දා පාවී ආ තල්මසුන් 400 කට වැඩි සංඛ්‍යාවෙන් 300ක් පමණ තල්මසුන් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ජීවත්වන තල්මසුන්ගේ දිවි බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටින සියගණනක් පිරිස් කටයුතු කළේය. සත්ව ආරක්ෂක සංවිධාන වලට අයත් සියගණනක් නිලධාරීන් සහ ලොවපුරා නන්දෙසින් පැමිණි පිරිස් තල්මසුන් බේරා ගැනීමට සිකුරාදා උදෑසන සිට දැඩි වෙහෙසක් Read More

සහල් මිල අර්බුදයට කඩිනමින් විසඳුම් – මුදල් ඇමති රවී

සහල් මිල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සඳහා කඩිනමික් විසඳුමකට එළඹෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයනික සහල් සඳහා වන බදු පහත දැමීමට රජය පියවර ගත්ත ද එහි ප්‍රතිලාභ ජනතාවට හිමි නොවන්නේ නම් එය ගැටලුවක් බවයි. එමෙන් ම සහල් මිල පාලනය කිරීම සඳහා උපරිම මිලක් නියම කිරීමට පියවර ගෙන ඇති Read More

මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාව වැරදියි නව මහ බැංකු අධිපතිවරයා වාර්ථාව ප්‍රතික්ෂේප කරයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් වූ වහාම අලුතින් පත්ව ආ අධිපතිවරයා නොමඟ යවමින් මහ බැංකුවේ විගණන අධ්‍යක්ෂවරිය විසින් සකස් කළේ යයි පැවසෙන අභ්‍යන්තර විගණව වාර්තාව නව මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව මහ බැංකුවේ හිටපු නිලධාරී ජගත් කාරියවසම් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරමින් පැවසීය. ඒ මහතා විසින් Read More

අගමැති රනිල් ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ද්විපාර්ශවික සාකච්ඡා සඳහා සංචාරයක නිරත වන පළමු අවස්ථාව සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (13) සවස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණිමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක් පිරීම ද මේ සංචාරයේ එක් නිමිත්තකි. රාජ්‍ය නායකයන් මීට පෙර Read More

ඉසුර අවලංගු කළ සතිපොළ විවෘත කිරීම ප්‍රසන්න බලහත්කාරයෙන් විවෘත කරයි

අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදමින් නොසිට හැකිනම් පොරොන්දු වූ පරිදි ජනතා වෙනුවෙන් වැඩ කර පෙන්වන්නැයි තමන් යහපාලන ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොළ සතිපොළ බලහත්කාරයෙන් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය. රටට වැඩක් කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට මුල් වූයේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්නට හපන් කොන්ද Read More

ගංගාරාම නවම් පෙරහැර

කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 2017.02.10 දින පැවැති නවම් පෙරහැර උත්සවයට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

අපේ තොරතුරු පනත ආසියාවෙන් 1ට ලොව තුන්වන ස්ථානයට

ශ‍්‍රී ලංකාවේ තොරතුරු පනත ලෝකයේ හොඳම 3වැනි පනත ලෙස ශ්‍රේණිගත කර ඇත. ඒ, තොරතුරු දැන ගැනීමේ නීතින් ශ්‍රේණිගත කරනු ලබන කැනඩාවේ නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවක් අනුවයි. ශ‍්‍රී ලංකාවේ තොරතුරු පනත ලෝකයේ හොඳම හත්වැනි පනත ලෙස ශ්‍රේණිගත කර තිබූ අතර ඊට මාස කිහිපයකට පසු එය නව වන ස්ථානයට Read More

මාලිංග ඇතුළට තරංග නායකත්වයට

ඉදිරියේදී ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 ව කින් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (09) නම් කොට තිබේ. කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමිව ඇති අතර කළක් අබාධයකට ලක්ව සිටි ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට නම් කර ඇත. නම් කළ සංචිතයට කලකට පසු චාමර කපුගෙදර ඇතුළත් වී ඇති  අතර  දිනේෂ් Read More

මුදල් ඇමති සභාවට ඉදිරිපත් කළ ගැසට් පත්‍රය නිත්‍යානුකූලයි

මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් නියෝග ගැසට් පත් හොර ඒවා නොව නිත්‍යානුකූල ඒවා බවට තමා පිළිගන්නේ යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය. මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ ගැසට් පත්‍රයේ කොලයක් අලවා ඇති බවට බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කිවේය. මුදල් නියෝග කිහිපයක් Read More

t

o

p