අපේ තොරතුරු පනත ආසියාවෙන් 1ට ලොව තුන්වන ස්ථානයට

February 11, 2017

ශ‍්‍රී ලංකාවේ තොරතුරු පනත ලෝකයේ හොඳම 3වැනි පනත ලෙස ශ්‍රේණිගත කර ඇත. ඒ, තොරතුරු දැන ගැනීමේ නීතින් ශ්‍රේණිගත කරනු ලබන කැනඩාවේ නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවක් අනුවයි.

ශ‍්‍රී ලංකාවේ තොරතුරු පනත ලෝකයේ හොඳම හත්වැනි පනත ලෙස ශ්‍රේණිගත කර තිබූ අතර ඊට මාස කිහිපයකට පසු එය නව වන ස්ථානයට පත් විය.

එම සංවිධානයන් මඟින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවයි.

එමෙන්ම මෙම ස්ථානගත කිරීම් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

මෙම ස්ථානගත කිරීම් අනුව පිළිවෙලින්, මෙක්සිකෝව (ලකුණු 136) , සර්බියාව (ලකුණු 135), ශ්‍රී ලංකාව(ලකුණු 131) ප්‍රථම දෙවන හා තෙවන ස්ථානයේ පසු වන අතර ඉන්දියාව (ලකුණු 128) පස්වන ස්ථානයේ පසුවෙයි.

ශ‍්‍රී ලංකාවේ තොරතුරු පනත ලෝකයේ හොඳම හත්වැනි පනත ලෙස ශ්‍රේණිගත කර තිබූ අතර ඊට මාස කිහිපයකට පසු එය නව වන ස්ථානයට පත් වුණි. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයාට සහ තොරතුරු කොමිසමට ප්‍රශංසා හිමිවියයුතු බවද එම මධ්‍යස්ථානය සදහන් කර ඇත,.

එමෙන්ම තොරතුරු දැන ගැනීමේ පනත පසුගිය තුන් වැනි දා සිට ක්‍රියාත්මක වන අතර මේ වන විට තොරතුරු ඉල්ලීම් 800ක් පමණ රාජ්‍ය ආයතනවලට ලැබී ඇතැයිද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් පසුගිය සතියේ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කරන ලද නීති හා රෙගුලාසි සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකාවට හිමිව තිබූ ලකුණු ප‍්‍රමාණය දහයකින් ඉහළ ගොස් ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

t

o

p