Special News

ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව වර්ෂාව දිය කර හරී

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (28දා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයට දෙවන ඉනිම ආරම්භ කරන අවස්ථාවේ හදිසියේ වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් විය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.5 කදී ලකුණු 311 ක් රැස් කළ අතර බංගලිදේශය ලකුණු හඹා යාමට පිටියට පිවිසීමට සූදානම් වන අවස්ථාවේ වර්ෂාව Read More

ලොව විශාලතම ආයෝජන බැංකුව ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි

ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කරයි. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග්  (Tung-Lai Margue) මහතා 28දා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව පැවැසීය. ඔහු කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකා වෙත යළි ලබා දීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට Read More

බීමත් රියදුරන් අල්ලන් අලුත් යන්ත්‍රයක්

මෙරට ‍පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට නව බ්‍රෙතලයිසර් යන්ත්‍ර උපයෝගී කර ගනිමින්, බිමත්ව රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ‍පොලීසිය පවසයි. බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා කරන මෙහෙයුම් අතරින් රියැදුරන් බිමත්ව සිටිද යන්න පරීක්ෂා කරන ප්‍රශ්වාස විශ්‍ලේෂණ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලබාගැනුණේ ඇල්කෝලයිසර් පරීක්ෂාව (බැලුන් පිම්බිමට දීම) මගිනි. බ්‍රෙතලයිසර් යන්ත්‍ර හඳුන්වාදීම තුළින් එය වඩාත් Read More

O/L ප්‍රථම ස්ථානය කොළඹ විශාඛාවට

මේ වනවිට නිකුත්ව තිබෙන 2016 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය අනුව පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ කොළඹ විශාඛා  බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැසකුවෙල් සිසුවියයි. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. එම්. මුණසිංහ දෙවන ස්ථානය ලබා ගෙන තිබේ. තුන්වන ස්ථාන ලබා ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිඳු  සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත්  ඕෂධි Read More

බදු බර හැකි ඉක්මනින් අඩු කර එහි වාසිය ජනතාවට ලබා දෙනවා – මුදල් අමාත්‍ය රවී

ගෙවී ගිය වසර දෙකක පමණ කාලය තුළ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිරූපයක් මැවීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ට එය අවබෝධ නොවුණ ජාත්‍යන්තර වශයෙන් එම පිළිගැනීම දැනටමත් ලැබී ඇති බවයි. අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා Read More

විරෝධතා සඳහා පමණක් නොව සංවර්ධනය ඉල්ලාත් පාරට බහින්න – ඇමති චම්පික

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(27) දින කඩුවෙල නගර සංවර්ධන සැලසුම පිළිබඳව දැනුවත් කිරීමේ හමුවකට සහභාගී වෙමිනි. මෙම හමුව අතුරුගිරිය නගරයේදී පැවැත්වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කඩුවෙල ක‍්‍රමක් ක‍්‍රමයෙන් සංවර්ධනය වුවත් පාරේ විශාල ගවයන් ප‍්‍රමාණයක් සිටිනවා.  දැනටමත් අපි අයාලේ යන ගවයින් ඉවත් කරනවා. අයිතිකරුවන්ට දැන්වුවා තම Read More

විමල් නිදහස් කරන තුරු දිවිහිමියෙන් සටන් කරනවා – ඒකාබද්ධ විපක්ෂ කැඳවුම්කරු

යහපාලනය නමින් බලයට ආ වහපාලන ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට හසුව ඇති විමල් වීරවංශ නිදහස් කරන තුරු ඒකාබද්ධ විපක්ෂය දිවිහිමියෙන් සටන් වදින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. දේශපාලන පළිගැනීම් ‍නතර කර විමල් නිදහස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව පැවසූ රණතුංග මහතා විමල් නිදහස් කිරීම කල් යන්නට යන්නට වහපාලන Read More

අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් : ප්‍රබල ඇමතිවරු කිහිපයකගේ තනතුරු වෙනසක්

සිංහල අලුත් අවුරුද්දට පෙර සිදුවන කැබිනට් සංශෝධනයේදි ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍යධූර වෙනස් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, නවින් දිසානායක, කබීර් හෂිම්, දිලිප් වෙදආරච්චි සහ මහින්ද අමරවිර යන අමාත්‍යවරුන් ගේ අමාත්‍යධූර වෙනස් වනු ඇත. ජනාධිපතිවරයා විසින් යෝජිත මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අගමැතිවරයා ද මේ වන Read More

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් වලින් ගාල්ලෙන් පමණක් රු.බිලියන 3ක්

මීට මාස 16 කට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගත් අතර, මේ වන විට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 ක ආදායමක් රජයට උපයාදී ඇත. මෙහෙයුම් රාජකාරී ඝනයට අයත් වන මෙම කර්තව්‍යය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල Read More

රජිනි කාන්ත් ලංකාවට එන්නේ නෑ

ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් තම ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පෙරේදා (25) දහවල් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. යාපනය සහ වව්නියාව ප්‍රදේශවලදී සංවිධානය කර තිබූ නිවාස බෙදාදීමේ උත්සවයකට සහභාගි වීම සඳහා ලබන අප්‍රේල් මස 09 සහ Read More

t

o

p