අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් : ප්‍රබල ඇමතිවරු කිහිපයකගේ තනතුරු වෙනසක්

March 27, 2017

සිංහල අලුත් අවුරුද්දට පෙර සිදුවන කැබිනට් සංශෝධනයේදි ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍යධූර වෙනස් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, නවින් දිසානායක, කබීර් හෂිම්, දිලිප් වෙදආරච්චි සහ මහින්ද අමරවිර යන අමාත්‍යවරුන් ගේ අමාත්‍යධූර වෙනස් වනු ඇත.

ජනාධිපතිවරයා විසින් යෝජිත මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අගමැතිවරයා ද මේ වන විට කැමැත්ත පළ කර ඇති බව දැන ගන්නට තිබේ.

ඒ අනුව කබිර් හෂිම් ඇමතිවරයා දැනට දරණ අමාත්‍යාංශයට අමතරව ඔහුට මහා මාර්ග අමාත්‍යාංශයටද ලැබීමට නියමිතය. ඊට අමතරව ඔහුගේ විෂය පථය යටතේ තිබෙන යම් යම් ආයතන නවින් දිසානායක ඇමතිවරයා යටතට පත් කිරිමට නියමිතය.

අර්ජුන රණතුංග මහතාට ඉඩම් අමාත්‍යාංශය හිමිවීමට නියමිත අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය හිමිවීමට යෝජිතය.

විජයදාස රාජපක්ෂ මහතාට උසස් අධ්‍යාපන අමත්‍යධූරය හිමිවනු ඇති අතර එක්සත් ජාතික පක්ෂය යටතේ පැවැති කෝටාවක් වන වරාය හා නාවික කටයුතු අමාත්‍යධූරය වෙනුවට ධිවර අමාත්‍යධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට මේ වන විට එකඟ වී ඇති බව දැන ගන්නට තිබේ.

ඒ අනුව වරාය හා නාවුක කටයුතු අමාත්‍යංශය මහින්ද අමරවිර මහතාට හිමි වන අතර ධිවර අමාත්‍යධූරය දිලිප් වෙදආරච්චි මහතාට හිමිවිමට නියමිතය.

t

o

p