විරෝධතා සඳහා පමණක් නොව සංවර්ධනය ඉල්ලාත් පාරට බහින්න – ඇමති චම්පික

March 27, 2017

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(27) දින කඩුවෙල නගර සංවර්ධන සැලසුම පිළිබඳව දැනුවත් කිරීමේ හමුවකට සහභාගී වෙමිනි. මෙම හමුව අතුරුගිරිය නගරයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කඩුවෙල ක‍්‍රමක් ක‍්‍රමයෙන් සංවර්ධනය වුවත් පාරේ විශාල ගවයන් ප‍්‍රමාණයක් සිටිනවා.  දැනටමත් අපි අයාලේ යන ගවයින් ඉවත් කරනවා. අයිතිකරුවන්ට දැන්වුවා තම සතුන් ඉවත් කරගන්න කියා. ඔවුන් ප‍්‍රතිචාර නොදැක්වූ නිසා ඉවත් කිරීමට කටයුතු කළා. ඉදිරි මාස 03 ඇතුළත මේ ප‍්‍රදේශයේ අයාලේ යන ගවයින් ඉවත් කරන බව සඳහන් කළේ ය.

දියුණු නගරයක ගවයින් පාරේ සිටින්න බැහැ. ඒ වගේම කැලිකසල ගැටළුව ඉතාම තදින් තිබෙනවා. කසල ගැටළුවට විසඳුම්  ඕනෑතරම් තිබෙන බවද අවශ්‍ය වන්නේ මහජන කැමැත්ත පමණක් බවය. ලංකාවේ කසල ප‍්‍රශ්නයට විසඳුම් නැතිව නෙමෙයි මේ දේවල් ගැටළු බවට පත් වුනේ මිනිස්සුන්ගේ විරෝධතා නිසා බව අවධාරණය කළේ ය.

දොම්පේ ප‍්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් ස්ථාපිත කළ බවත්, එයටද විරෝධතා ඇති වුනත් අද ලංකාවේ තිබෙන එකම විද්‍යාත්මක කසල රඳවනය එය වන අතර එම විද්‍යාත්මක කසල රඳවනය සඳහා දොම්පේ ප‍්‍රදේශයේ කසල ප‍්‍රමාණය අඩු ප‍්‍රමාණයක් වීම හේතුවෙන් එම රඳවනයට අවශ්‍ය ධාරිතාවයෙන් කසල බැහැර නොකිරීම හේතුවෙන් ප‍්‍රයෝජන ගන්නේ අඩු ධාරිතාවයකින් බව ද පැවසීය.

ගංවතුර පාලනය අද මෙරට ලොකු ගැටළුවක්ව ඇති බවත්, ගංවතුර පාලනය කරන්න සුද්දා හදපු වැඩපිළිවෙල ඇරෙන්න අපේ පාලකයන් යටතේ කිසිඳු වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න අපොහොසත් උනා. සුද්දා හදපු හාවර්ඩ් බන්ට් එකෙන් කොලොන්නාව බේරිලා තිබෙන බවත් අඹතලේ බන්ට් එක ආදී ව්‍යාපෘති සුද්දා විසින් නිර්මාණය කළ ඒවා බව ද සඳහන් කළේ ය.

මහවැලිය වැනි විශාල ව්‍යාපෘති නිර්මාණය කළත්, අතිශය ජනාකීර්ණ කැළණිගඟ දියුණු කරන්න වැඩපිළිවෙලක් නිර්මාණය නොවූ බවද, කැලණි ගඟ රටේ ආර්ථිකය පෝෂණය කරනු ලබන ප‍්‍රධාන ජලධාරාව වන බවත්, හරිනම් කැළණි ගඟෙ නැව් යා යුතු තරම් වටිනා ගඟක් බව ද සඳහන් කළේ ය. අවාසනාවට කුණු කසල බැහැරලන, වැලිගොඩදාන තත්වයක් උදාවී තිබෙන බවත්, කැළණි ගඟ නිවැරදි ලෙස පාලනය කළ සංවර්ධනය කඩිනම් කළ යුතු බව සහ ඒ සඳහා ජනතාව නැගී සිටිය යුතු බවත් විරෝධතා සඳහා පමණක් නොව සංවර්ධනය ඉල්ලාත් පාරට බැසිය යුතු යයි’ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

t

o

p