බීමත් රියදුරන් අල්ලන් අලුත් යන්ත්‍රයක්

March 29, 2017

මෙරට ‍පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට නව බ්‍රෙතලයිසර් යන්ත්‍ර උපයෝගී කර ගනිමින්, බිමත්ව රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ‍පොලීසිය පවසයි.
බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා කරන මෙහෙයුම් අතරින් රියැදුරන් බිමත්ව සිටිද යන්න පරීක්ෂා කරන ප්‍රශ්වාස විශ්‍ලේෂණ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලබාගැනුණේ ඇල්කෝලයිසර් පරීක්ෂාව (බැලුන් පිම්බිමට දීම) මගිනි.
බ්‍රෙතලයිසර් යන්ත්‍ර හඳුන්වාදීම තුළින් එය වඩාත් කාර්යක්ෂමව සහ නිවැරදිව සිදුකිරීමට හැකියාව ලැබෙන බව ‍පොලීසිය පවසයි. මෙම යන්ත්‍රය භාවිතයේදී දිනය, වේලාව ඇල්කොහොල් ප්‍රමාණය ආදි සියලු දත්තයන් නිවැරදිව සටහන් වන බවද ‍පොලීසිය පවසයි.
මෙම නව බ්‍රෙතලයිසර් යන්ත්‍ර, කොට්ඨාස රථවාහන අංශයන් වෙත ලබාදීම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව රථවාහන නිලධාරීන් දැනුවත් කිරීමක්ද මෙම 30 වැනි දින කොළඹ 11, නියෝජ්‍ය ‍පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවද ‍පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

t

o

p