Special News

ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි. ඒඅනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනබවයි එම මූලස්ථානය සදහන් කළේය. නිවේදනයක් නිකුත් කරමින් Read More

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

කොරොනා වසංගතය පැතිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය  වසංගතයට මුහුණදීම සදහා  රජය ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන්කර ගන්නා ආකාරය එක්සත් ජාතික පක්ෂ නායකයා සිය ප්‍රකාශයෙන් පෙන්වා දීමට නියමිත අතර වසංගතයට මුහුණදීමට ආර්ථික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ද විස්තර කෙරෙනු ඇත. Read More

අඩු ආදායම්ලාභීන් 3,277,248කට රුපියල් 5000ක දීමනාවක්

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහනේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ සමස්ත ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම බව ජනාධිපති ලේකම්වරයා සිය චක්‍රලේඛයෙන් කියා සිටී. වැඩිහිටි දීමනාලාභී 416,764 දෙනාට සහ Read More

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කෙරේ

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා. මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විනය හා කල්ක්‍රියා දිසාව Read More

දෙවන මරණයත් වාර්තා වේ

නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ දෙවන මරණය මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.

COVID-19 සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති දුරකථන යෙදුම් / වෙබ් අඩවි / පරිගණක මෘදුකාංග භාවිතයේදී ප්‍රවේසම් වන්න

COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා නිර්මාණය කර ඇති බොහෝ ජංගම දුරකථන යෙදුම් අතරට සයිබර් අපරාධකරුවන්  විසින් COVID-19 වයිරසයේ ව්‍යාප්තිය ලුහුබැඳීමේ යෙදුම් (tracking apps) නිර්මාණය කොට එමගින් එම යෙදුම භාවිතා කරන පුද්ගලයාගේ පෞද්ගලික දත්ත සහ වෙනත් තොරතුරු එක්රැස් කරගැනීමක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම corona live 1.1 නම් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන යෙදුම ඔත්තු බැලීමේ ඔත්තු මෘදුකාංගයක් බව හෙළිවී තිබේ. Read More

ඇඳිරි නීතිය පිළිබඳ තීරණය කරන්නේ රජයේ ඉහළම මට්ටමින් පමණයි

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමිනි. යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතුය.

මෙරට කොරෝනා රෝගීන් 120 දක්වා ඉහලට

මෙරට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහල ගොස් තිබෙන වාර්තා වෙනවා. මේ අතර ඊයේ(29) දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ගම්මාන 06ක් Lock Down

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මාරවිල ප්‍රදේශයේ ගම්මාන 06කට ඇතුළුවීමට සහ පිටවීමට නැවත දන්වන තුරු තහනම් කර තිබේ. ඉහළ නාත්තන්ඩිය, පහල නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය, මරද උතුර, මරද දකුණ, හාල්පන්විල යන ගම්මානවල මෙම නීතිය බල පවත්වන බව මාරවිල පොලීසිය සඳහන් කරයි. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව Read More

කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ(28) පස්වරුවේ වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ Read More

t

o

p