රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

March 31, 2020

කොරොනා වසංගතය පැතිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය 

වසංගතයට මුහුණදීම සදහා  රජය ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන්කර ගන්නා ආකාරය එක්සත් ජාතික පක්ෂ නායකයා සිය ප්‍රකාශයෙන් පෙන්වා දීමට නියමිත අතර වසංගතයට මුහුණදීමට ආර්ථික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ද විස්තර කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවේ සම්මත කළ අතුරු සම්මත ගිණුම අනුව ජනාධිපතිවරයාට ලබන අප්‍රේල් 30 දක්වා මුදල් වියදම් කළ හැකි නමුදු ඉන් පසු ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට බලයක් නොමැතිවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ නිවේදනයක් නිකුත් කර තිබුනි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා කටයුතු කොට ඉදිරි කාලයේදී ආර්ථිකය ගොඩනැගීමට ගත යුතු පියවරද රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් විස්තර කිරීමට නියමිතය.

t

o

p