ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

March 31, 2020

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒඅනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනබවයි එම මූලස්ථානය සදහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව සදහන් කර තිබේ.

t

o

p