අඩු ආදායම්ලාභීන් 3,277,248කට රුපියල් 5000ක දීමනාවක්

March 31, 2020

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ.

නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහනේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ සමස්ත ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම බව ජනාධිපති ලේකම්වරයා සිය චක්‍රලේඛයෙන් කියා සිටී.

වැඩිහිටි දීමනාලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින 142,345 කට රුපියල් 5000 බැගින් ගෙවනු ලැබේ.

ආබාධිත දීමනාලාභී 84,071 සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින 35,229ක් දෙනාට ද රුපියල් 5,000 දීමනාව හිමි වේ.

ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675 වන ගොවීහු ද රුපියල් 5,000 දීමනාව හිමිකර ගනිති.

වකුගඩු රෝගී දිමලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 ක් දෙනාට ද රුපියල් 5,000 දීමනාව ගෙවනු ලැබේ.

ගර්භණී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත සෘජුවම සපයනු ලැබේ.

සමෘද්ධි හිමිකම්ලාභී 1,798,655ක් දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 600,339 දෙනාට රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව / සමෘද්ධි අධිකාරිය මගින් ගෙවනු ඇත.

645,179ක් වන විශ්‍රාමික රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප ගෙවන අතර 1,500,000ක් වන රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවනු ලබයි. ඔවුන්ගේ වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇත.

ත්‍රී රෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, ස්වයං රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත 1,500,000ක් දෙනාට කල් බදු වාරික සඳහා සහන සැලසේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන හිමි වෙයි.

t

o

p