ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කෙරේ

March 31, 2020

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

t

o

p