Special News

අදත් තද වැසි – අයහපත් කාලගුණයෙන් 64,000ක් පිඩාවට

අයහපත් කාලගුණ තත්වයෙන් හේතුවෙන් පවුල් 18,840 අයත් පුද්ගලයින් 64,608 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් 5,255 කට අයත් පුද්ගලයින් 17,766 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 126ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.   ආපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 03ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේය. Read More

අද සහ හෙට වැසි වැඩි වෙයි

දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදීද තවදුරටත් වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනුරාධපුර, ගල්නෑව, හූරිගස්වැව ප්‍රදේශයේ ජල ගැලීමෙන් කොටු වී සිටින පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ රාත්‍රියේදී සමත් වුණා. අඹේවෙල වෝවික් වතුයායේ නිවාස කිහිපයක් නායයාමේ අවධානමට ලක්ව තිබේ. අවතැන් වූ පුද්ගලයින් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සැපයීමට වැලිමඩ Read More

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පාලනයට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආසන්නයේ පැතිරෙමින් පවතින ලැව්ගිනි මැඩපැවැත්විමට ගිය ස්වෙච්ඡා ගිනි නිවන භටයන් දෙදෙනකු හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි. ලැව්ගිනි පැතිරෙමින් පවතින ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබූ ගිනි නිවන රථය මතට ගසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මේ වන විට ඕස්ට්‍රේලියාවේ අක්කර මිලියන තුනකට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී Read More

හෙට සිට දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩුවෙයි

හෙට සිට දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩු කිරිමට තීරණය කර තිබෙනවා. මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු මෙලෙස අඩු කරන බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. උත්සව සමයේ ජනතාවට පහසුකම් සැලසිමයි මෙහි අරමුණ. ඒ අනුව මීගමුව සිට මාතර දක්වා රුපියල් හත්සියක් දක්වා සහ මීගමුව සිට ගාල්ල දක්වා Read More

ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි

ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් තිබියදී පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්‍ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරගෙන තිබේ. පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බව පොලීසිය Read More

පාඨලී අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනී යයි. පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන්  විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ  වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ  ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ  පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා Read More

රුසියානු – පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානීවරු හමුවෙති

පාකිස්ථානය සහ රුසියාව ඉකුත් දා සමුද්‍ර ආරක්ෂා, ස්ථාවරත්වය සහ ද්විපාර්ශ්වීය නාවික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. සමුද්‍ර ආරක්ෂාව, ස්ථාවරත්වය සහ නාවික අභිලාෂ මෙන්ම  දෙරට අතර ද්විපාර්ශ්වීය නාවික සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූහ.

මැතිවරණ නීති සංශෝදනය කිරීම සදහා යෝජනාවක්

පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් අනුව විශාල අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා රජයට දරන්නවූ දැවැන්ත වැය බරත්, ඡන්දදායකයින්ට සිදුවූ අපහසුතාවයත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමසාරිස්වරයාට, මැතිවරණය පවත්වාගෙන යාමට වූ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ඒ අතුරින් අතිමහත් බහුතරයක් අපේක්ෂකයින්ට 0.1% වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිවූ බව සැලකිල්ලට ගනිමින් ජනාධිපති මැතිවරණ පනත කුමන ආකාරයකින් සංශෝධනය කොට ඒ සදහා මෙම තත්වය මගහරවාලීම සදහා ජනාධිපතිවරණ මැතිවරණ Read More

ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා විසඳුම්

ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවන ලදී. ඒ අනුව, අයදුම්පත් යොමු කළ, නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් තෝරාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23 වැනි දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන ක්‍රීඩා හා Read More

නායයාමේ අවදානමක් හේතුවෙන් 335ක් ඉවතට

නායයාමේ අවදානමක් මතු වූ බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 335ක් ආරක්ෂිතව ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. කෙටි කාලයක් තුළ අධික වර්ෂාවක් ලැබීමත් සමග භූමියේ නායයාමේ පූර්ව ලක්ෂණ මතුවූ බැවින් මෙසේ පුද්ගලයින් පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහන් කරයි.

t

o

p