බුවනෙකබාහු රාජ සභාව විනාශ කිරීමට එරෙහිව මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව විරෝධය දක්වති

July 20, 2020

පොහොට්ටු පක්ෂයට බලය හිමි කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරන මහතා විසින් ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ සභාව පසුගියදා ඩෝසර් කර කඩා විනාශ කිරීමට එරෙහිව මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව විරෝධතාවයක නිරත වූහ.

ජාතික භික්ෂු පෙරමුණ සහ හස්තිශෛලපුර රාජ සභාව විනාශ කිරිමට එරෙහි ජනතා පවුර විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට ජාතික භික්ෂූ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකඛාධිකාරී තිස්සව සුමනානන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ, ජාතික විද්වත් සංවිධානයේ ආනන්ද විජේපාල මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු විශාල පිරිසක් එක්වී සිටිය හ.

එදා කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව රැස්වූ රාජ සභා මණ්ඩපය ලෙස මෙම ගොඩනැගිල්ල භාවිතා වී ඇති බවට පැවසේ.

t

o

p