ඉදිරි පැය 12 තුළ මි.මී 100ට වැඩි වැසි

July 20, 2020

බස්නාහිර , සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

ඒ අනුව ඇතැම් ස්ථානවලට මි.මී 100ක තද වැසි ඇති වේ.

මේ අතර, අද උදෑසන කොළඹ ප්‍රදේශ රැසකට ඇති වු තද වැසි සමග කිරුළපන නගරය ද ජලයෙන් යට විය.

පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට ගමන් කරන කොටස තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිසිය පවසයි.

t

o

p