Special News

ඉන්දියාවේ ආසාදිතයින් ඉහල යාමත් සමග මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කරයි

ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ‌හෙවත් නව ‌කොරෝනා ‌වෛරස ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය.

ලෝකයේ කොරෝනා මරණ ගණන ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයින් ගණන 1,638,216 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පිරිස 369,017කි. කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් Read More

මහ සිකුරාදා අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් කිතු සමිඳාණන්ගේ කුරුසවත් යාගය අද දිනයේ සිදුකරයි. කෙසේවෙතත් මේ දිනවල පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් දේවමෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙසයි කතෝලික Read More

ජනපතිට උපදෙස් දෙන්න ගිය සජිත් ප්‍රේමදාස කුණු බැණුම් අසාගනි

ජාතික සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතනයෙන් කල සාකච්ජාවකදී ඔහු දුන් උපදෙස් කාලෝචිත නොවන බව කියමින් ජනාධිපතිවරයා ඔහුට දැඩිව දොස් පවරා ඇත. තමා ඒකාධිපතියෙකු බව තැන් තැන්වල කියවන කෙනා ‍‍‍‍‍‍‍රට පාලනය කරන්නේ කෙසේදැයි කීමට අවශ්‍ය නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා නිතර තමාට දුරකතන ඇමතුම් දෙමින් කරදර නොකරන ලෙසටද කියා Read More

ඇඳිරිනිතිය උල්ලංඝනය කළ 1724 ක් අත්අඩංගුවට

බ්‍රහස්පතින්දා (09) උදෑසන 6.00 අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1724 අත්අඩංගුවට ගෙන වාහන 496 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කොරෝනා වසංගතයක් ආකාරයට ව්‍යප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙමින් එක්සත් ජාතික පක්ෂ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. කොරෝනා වසංගතයට මුහුණදීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය අනුමත කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන්ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය මගින් පෙන්වා දීමට නියමිතව පවතියි  Read More

රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ වල ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි. ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 7 වැනි මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙය කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 7 වැනි මරණයයි. ඔහු අවුරුදු 44 ක් වියැති අයෙකි.

අමෙරිකානුවන් මිලියන 10ක් විරැකියා දීමනා ඉල්ලයි

කොවිඩ් ව්‍යාප්තිය සමගින් රැකියා අහිමිවූ අමෙරිකානුවන් සිය විරැකියා දීමනාව ලබාගැනීම සඳහා පෝලිම් ගැසී සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. පවතින තත්ත්වය හමුවේ සියලුම ජනතාව වෙත මුව ආවරණ සහ අත්වැසුම් වැනි දෑ භාවිත කරන ලෙසින් රජය දැනුම්දී ඇතත්, ඒවා සපයාගැනීමට නොහැකිව එරට රැකියා විරහිත ප්‍රජාව අපහසුතාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ Read More

t

o

p