ජනපතිට උපදෙස් දෙන්න ගිය සජිත් ප්‍රේමදාස කුණු බැණුම් අසාගනි

April 10, 2020


ජාතික සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතනයෙන් කල සාකච්ජාවකදී ඔහු දුන් උපදෙස් කාලෝචිත නොවන බව කියමින් ජනාධිපතිවරයා ඔහුට දැඩිව දොස් පවරා ඇත.


තමා ඒකාධිපතියෙකු බව තැන් තැන්වල කියවන කෙනා ‍‍‍‍‍‍‍රට පාලනය කරන්නේ කෙසේදැයි කීමට අවශ්‍ය නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා නිතර තමාට දුරකතන ඇමතුම් දෙමින් කරදර නොකරන ලෙසටද කියා තිබේ.

මේ අවස්ථාවේ රටේ පවතින ව්‍යසනය නිසා පක්ෂ බේද පසෙකලා සියලු දෙනාටම තමා ඇහුම්කන් දෙන බවත් එයින් ඔබ කියන සියලුදේ කිරිමට බැදී සිටින සේවකයකු ලෙස නොසිතන ලෙසත් ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසට කියා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා සමඟ ඩීල් දමන බවට කිලි මහරාජාගේ මාධ්‍ය නාලිකා හරහා ප්‍රචාරය කරන සජිත් ප්‍රේමදාසම දැන් රාජපක්ෂලා සමග ඩීල් දමන බව පැහැදිලි බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු කීවේය .

සජිත් ප්‍රේමදාස හොර රහසේ මේ වනවිට රාජපක්ෂලා සමග සාකච්ඡා පවත්වන අතර සංස්කෘතික අරමුදලේ මුදල් නිසි ක්‍රමවේගයෙන් පරිබාහිරව වියදම් කිරීම ගැන ආරම්භවූ පරීක්ෂණ නවත්වා ගැනීම එහි අරමුණ වී ඇත.

ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසට දොස් පවරන අවස්ථාවේදී මේ කාරනයත් මතක් කරදී තිබෙන බව ජනාධිපතිවරයාට සමිප ආරංචි මාර්ග පවසයි 

t

o

p