කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

May 8, 2024

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 170ක ඉලක්කය හඹාගිය ස්කොට්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණි.

ස්කොට්ලන්තයේ ආරාධනයෙන් නායිකා චමරි අතපත්තු සමඟින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ විශ්මි ගුණරත්න ලකුණු 9කට දැවී ගිය අතර, හර්ෂිතා මාධවීගේ ඉනිම ලකුණු 8කට සීමා විය. මුළු ලකුණු 55දී තෙවැනි කඩුල්ල ලෙස කවීෂා දිල්හාරි (15) දැවී යෑමෙන් පසු පිටියට පිවිසි නිලක්ෂි ද සිල්වා ලකුණු 106ක සබඳතාවක් පිහිටුවීමට නායිකාවට අනගි සහායක් දුන්නාය.

පන්දු 63කට මුහුණදුන් චමරි සිය දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ශතකය ලෙස ලකුණු 102ක් රැස් කළ අතර, ඇය ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහරකින් වර්ණවත් කර ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා පිල – 169/5 (ඕවර 20) චමරි අතපත්තු 102, නිලක්ෂි ද සිල්වා 26, කවීෂා දිල්හාරි 13 (රේචල් ස්ලේටර් 35/2)

ස්කොට්ලන්ත කාන්තා පිල – 101/7 (ඕවර 20) ප්‍රියනාස් චැටර්ජි 30, රේචල් ස්ලේටර් නොදැවී 15 (උදේශිකා ප්‍රබෝධනි 13/3)

t

o

p