ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

April 9, 2020

කොරෝනා වසංගතයක් ආකාරයට ව්‍යප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙමින් එක්සත් ජාතික පක්ෂ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

කොරෝනා වසංගතයට මුහුණදීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය අනුමත කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන්ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය මගින් පෙන්වා දීමට නියමිතව පවතියි 

දේශපාලනය අමතක කර  මේ අවස්ථාවේදී සියලු දේශපාලන පක්ෂ එකතුකර ගනිමින් කොරෝනා වසංගතය මැඩපැවැත්වීමටත් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමෙන් ගොඩඒමටත් ගතයුතු ක්‍රියාමාර්ග රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයෙන් විස්තර කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි 

අංජුල මහික වීරරත්න 

t

o

p