මහ සිකුරාදා අදයි

April 10, 2020

ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් කිතු සමිඳාණන්ගේ කුරුසවත් යාගය අද දිනයේ සිදුකරයි.

කෙසේවෙතත් මේ දිනවල පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් දේවමෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙසයි කතෝලික පූජකවරුන් විසින් කිතුණු බැතිමතුන් වෙත දැනුම් දී ඇත.

t

o

p