Special News

ඉන්දියාව කොරෝනා ව්‍යාප්තියේ තුන්වැනි තැන තෙක් ඉහලට

ඉන්දියාව තුල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඊයේ දිනය තුළ ආසාදිතයන් 23900 ඉක්මවා වාර්තා කර ඇත. ඉන්දියාවෙන් පුද්ගලයන් 421 ඊයේ කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇත. ඒ සමඟම ඉන්දියාව කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය වැඩිම ලයිස්තුවේ තුන්වැනි තැනට පත්ව ඇත.

සුවය ලැබු සමස්තය 1,917ක් වෙයි

අද (06) දින උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.  ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1,917ක් දක්වා ඉහළ ගොස් ඇත.   ඊයේ(05) මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව  2076 දක්වා ඉහළ ගොස් ඇත.

එ.ජා.ප ආණ්ඩුව යටතේ ජල හා විදුලි බිල්පත් ගෙවීම හා ණය ආපසු ගෙවීමට වසරක සහන කාලයක්

වත්මන් ආණ්ඩුව යටතේ මෙරට ජනතාවට කිසිදු සහනයක් ලැබී නැති බවත් මැතිවරණයෙන් පසු තමන් පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ දැනට එකතු වී තිබෙන ජල හා විදුලි බිල්පත් ගෙවීම හා එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට වසරක සහන කාලයක් ලබා දෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා Read More

අනුරාධපුර පුද බිමෙන් දේශීය සුනඛ පැටවුන් නොමිලේ!

අනුරාධපුර, පූජා නගරය හා ඒ ආශ්‍රිතව දිවි ගෙවන නිවාස අහිමි දේශීය සුනඛ පැටවුන් ගෙවැද්දීමට සුදුසු තත්වයට පත්කොට සුදුසු නව හාම්පුතුන් වෙත නොමිලේ ලබා දීමේ වැඩසටහනක් අනුරාධපුර සුනඛ මිතුරු සංසදය ආරම්භ කොට තිබේ. අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස මහතාගේ අනුග්‍රහය යටතේ සිදු කෙරෙන මෙම වැඩසටහන මගින් එම සුනඛ පැටවුන් හට ජල භීතිකා, DHL සහ පාවෝ එන්නත් ලබා Read More

MCC ගිවිසුම වෙනුවෙන් රජය චක්‍රලේඛ බිඳ වනාන්තර බිලි දෙන හැටි

2050 වන තෙක් දියත් කරමින් යන ජාතික භෞතික සැලසුමට සහ MCC ගිවිසුම කි‍්‍රයාත්මක කිරීම උදෙසා ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙන් රජයේ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීමට රජය උත්සාහ කරමින් සිටී. මෙම චක‍්‍රලේඛයේ ඉතාමත් වැදගත් සඳහන වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත නිදහස් කිරීමට අවසරයක් ඉන් නොතිබීමය. කැලෑ Read More

‘දේදුනු ප්‍රයෝගයෙන්’ මහ මඟ ශාස්ත්‍ර කියන අහිංසකාවියෝ

ශාස්ත්‍ර ඇසීමට අපි බොහෝ දෙනෙක් ප්‍රිය කරමු. සමහරු සැතපුම් සිය ගණන් ගෙවා ශාස්ත්‍ර ඇසීමට යති. ඒ ඒවා සම්බන්ධයෙන් ගොඩනඟා ගන්නා ලද අති මහත් විශ්වාසයන් මුල් කර ගනිමිනි. එමෙන්ම එසේ ශාස්ත්‍ර ඇසීමට යන සමහරුන් ගේ මනැස් අවුල් කරවන අනාවැකි ද අසන්නට ලැබෙන අවස්ථා අඩු නැත. “ඉදිරියේ දී බරපතල අනතුරකට, රෝගාබාධවලට හෝ සතුරු කරදරවලට ලක්විය හැකි බව Read More

සියලු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

සියලු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාර දී අවසන් බව රජයේ මුද්‍රණාලය නිවේදනය කරයි මෙවර මහ මැතිවරණයට අදාලව ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත. මහ මැතිවරණයට අදාල ගෘහ ලේඛන ද මුද්‍රණ කටයුතු අවසන් කර මැතිවරණ කොමිශන් සභාව වෙත භාර දී තිබේ.

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (05) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි සිද්ධිය සම්බන්ධයෙන් පානදුර, උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

2020 දී ඒක පුද්ගල ආදායම අඩුවෙලා

ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා. 2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා. පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ Read More

t

o

p