2020 දී ඒක පුද්ගල ආදායම අඩුවෙලා

July 3, 2020

ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා.

2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා.

පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කි ශ්‍රී ලංකාව මේ වර්ෂයේදී ඇ.ඩො. 4020 ක් දක්වා එය පහත වැටීම නිසයි මේ ආකාරයෙන් පහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට යළි පහළ වැටී ඇත්තේ.

2019 වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුන අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර එම කාණ්ඩයට ඇතුළත් වන අනෙක් රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.

t

o

p