නිරෝධායනය වී නිවසට ගිය අයෙකුට කොරෝනා – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට

July 3, 2020

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙසේ නිරෝදායනයට යොමු කල බව ප‍්‍රදේහයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියයි.

ඒ අනුව මොහු පදිංචිව සිටි කොළඹ 13, ජින්තුපිටිය, 123 වත්ත ප්‍රදේශයෙහි පවුල් 29ක පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. 

කෙසේවෙතත් මෙය සමාජ සම්ප්‍රේෂණයක් නොව නිරෝධායන ක්‍රියාවලිය තුළින්ම හඳුනාගත් රෝගියකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. 

t

o

p