විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 326 දෙනෙකු අද දිවයිනට

July 3, 2020

කොරෝනා වසංගත රෝග තත්වය නිසා මෙරටට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නරීටා සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එමෙන්ම, දිවයිනට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැදී සිටි ශ්‍රීලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් හෝචිමිං නුවර සිට ඊයේ රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

t

o

p