Special News

පොසොන් සමයේ මගී ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙළක්

පොසොන් උත්සව සමයේ මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ. මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. පොසොන් සතිය ඇරඹෙන්නේ ලබන 31 වන දා සිට ජූනි මස 6 වන දා දක්වායි. මෙම කාලය තුළ අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බවට දුම්රිය දෙපාර්තමේන්තුව Read More

ආසියානු කුසලාන තරග බිම ගැන තීරණය අද(28)

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ කුමන රටකද හෝ කුමන රටවලද හෝ යන්න අද (28) තීරණය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන අතර එම අවස්ථාවට බංග්ලාදේශ, ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නියෝජනය කරන නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර ඒ අනුව අදාළ රටවල ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා Read More

කටුනායක ප්‍රභූ පර්යන්තයට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ. ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති Read More

ඇෆ්ගන් සරණාගතයින් වාර්තාවක් තබයි

මසක් තුළ නවදහසකට අධික ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිරිසක් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලා තිබේ. මෙපමණ පිරිසක් යුරෝපා සංගමයේ සරණාගතභාවය ඉල්ලා අයදුම්පත් ගොනු කිරීම වාර්තාගත සිදුවීමක් බව විදෙස් වාර්තා සඳහන් කරයි. තනි රටක් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලා අයදුම්පත් ගොනුකළ ප්‍රථම අවස්ථාවද මෙය වන අතර, දෙවන ස්ථානයට අයදුම්කර ඇත්තේ සිරියාවයි.

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

ඌරු ගොවිපලවල් ආශ්‍රිතව PRRS ලෙස හඳුන්වන වසංගත රෝගයක් ව්‍යාප්ත වන බවත් බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වය උග්‍රවී ඇති බවත් සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි. බස්නාහිර පළාත ආශ්‍රිතව මෙය උග්‍ර අතට හැරී ඇති අතර ගලේවෙල, වහකෝට්ටේ, මාතලේ, යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවල ඌරු ගොවිපලවල් ආශ්‍රිතවද මෙම තත්ත්වය ව්‍යාප්ත වී තිබේ.

ගුජරාට් ටයිටන්ස් IPL තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි

මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (26) පැවැති අවසන් පුර්ව වටයේ තෙවන තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාටි කණ්ඩායම සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 233ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 18යි පන්දු02ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 171ක් පමණි. Read More

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ පණිවිඩයක්

ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ජලය ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම තත්වය හේතුවෙන් ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකි බවත් ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කළ යුතු බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම්දෙයි.

ඉන්ධන කෝටාව ඉහලට

QR කේතයට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බවයි. Fuel Quota currently allowed on the National Fuel Pass QR Read More

COVID-19 වලට වඩා දරුණු මිළඟ වසංගතයට ලෝකය සූදානම් විය යුතුයි -WHO

ලෝකය මීළඟ දරුණු වසංගතයට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබෙයේසුස් පවසයි. මෙහිදී මෙම වසංගතය COVID-19 වසංගතයටත් වඩා ‘මාරාන්තික’ වසංගතයක් වන බවත් ඔහු අනතුරු අගවා සිටියි. මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙන 76 වැනි ලෝක සෞසෞඛ්‍ය සම්මේලනය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා සිටියේය. එම සංවිධානය මගින් මෙම Read More

එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ වී තිබේ. අද(26) පෙරවරු 9 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකිය. දෙරට අතර තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වෙයි.

t

o

p