COVID-19 වලට වඩා දරුණු මිළඟ වසංගතයට ලෝකය සූදානම් විය යුතුයි -WHO

May 26, 2023

ලෝකය මීළඟ දරුණු වසංගතයට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබෙයේසුස් පවසයි. මෙහිදී මෙම වසංගතය COVID-19 වසංගතයටත් වඩා ‘මාරාන්තික’ වසංගතයක් වන බවත් ඔහු අනතුරු අගවා සිටියි.

මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙන 76 වැනි ලෝක සෞසෞඛ්‍ය සම්මේලනය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා සිටියේය. එම සංවිධානය මගින් මෙම COVID-19 වසංගතය තවදුරටත් දරුණු වසංගතයක් නොවන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර දින කිහිපයකට පසුව ඔහු මෙම අදහස් දැක්වීමත් විශේෂත්වයකි.

2019 වසරේ අගභාගයේදී හඳුනාගත් මෙම COVID-19 වෛරසය හේතුවෙන් මේ දක්වා ලොව පුරා රටවල් රැසක ලක්ෂ 70කට අධික පිරිසකට ජීවිත අහිමි වී තිබේ. අදටත් ඇතැම් රටවල මෙම වසංගතය පවතින අතර, දෛනිකව මරණද වාර්තා වෙමින් තිබේ.”COVID-19 සම්බන්ධයෙන් වන ගෝලීය සොඛ්‍ය හදිසි තත්ත්වය ඉවත් කිරීම කියන්නේ මේ COVID-19 නිසා ඇති වුණු ගෝලීය සෞඛ්‍ය තර්ජනය නිමා වුණා කියන දේ නෙමෙයි. තවත් වෛරස ප්‍රභේදයක නැගී සිටීමක් ගැන අපිට තර්ජනයක් තිබෙනවා. මේ නැගීඑන තර්ජනය දැනට අපිට තිබෙන තර්ජනයටත් වඩා මාරාන්තික වේවි.” යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සදහන් කර තිබේ.

විශේෂයෙන්ම, COVID-19 වසංගතය අවස්ථාවේදී එම වසංගතයෙන් ආරක්ෂාවීම සදහා නිෂ්පාදනය කෙරුණු එන්නත් පිළිබඳ පර්යේෂණ පමාවීම මරණ අවදානම වැඩි කිරීමට හේතුවිය. එසේම නිෂ්පාදනය කෙරුණු එන්නත් පවා ලොව පුරා ජනතාව වෙත එක සමානව බෙදී නොයෑමත් දරුණු ගැටලුවක් විය. ඒ අනුව, ඉදිරි වසංගතයකදී මෙවැනි ගැටලු මඟහරවමින් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමක් වෙත සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ.

t

o

p