ආසියානු කුසලාන තරග බිම ගැන තීරණය අද(28)

May 28, 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ කුමන රටකද හෝ කුමන රටවලද හෝ යන්න අද (28) තීරණය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන අතර එම අවස්ථාවට බංග්ලාදේශ, ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නියෝජනය කරන නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර ඒ අනුව අදාළ රටවල ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කර තරඟාවලිය පවත්වන්නේ කුමන රටවල ද යන්න තීරණය කරනු ඇත.

t

o

p